“20 ට ඡන්දය දීමට පෙර අගමැති සමග එකගතාවයකට ආවා. ඒවා මාධ්‍යයට හෙලි කළ නොහැකියි.” එච්.එම්.එම් හාරිස් පවසයි.

0
488
- Advertisement -
Share
5 / 100

“20 ට ඡන්දය දීමට පෙර අගමැති සමග එකගතාවයකට ආවා. ඒවා මාධ්‍යයට හෙලි කළ නොහැකියි.”
එච්.එම්.එම් හාරිස් පවසයි.

විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡුන්දය ප‍්‍රකාශ කිරීමට, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු, අග‍්‍රාමාත්‍යවරයා සමග එකගතාවයකට පැමිණි බව, එම පක්ෂයේ නියෝජ්‍ය නායක, එච්.එම්.එම්. හාරිස් මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී එච්.එම්.එම් හාරිස්, විස්සට පක්ෂව ඡුන්දය ප‍්‍රකාශ කළ මුස්ලිම් මන්ත‍්‍රීවරු සිව් දෙනාගෙන් එක් අයෙකි.

තමන් ඇතුළු පිරිස, විසිවන සංශෝධනයට පක්ෂව ඡුන්දය ලබා දීමට පෙර, අග‍්‍රාමාත්‍යවරයා ඇතුළුව ආණ්ඩුවේ ප‍්‍රධානීන් සමග වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡුා කර එකගතාවයකට පැමිණි බව ඔහු පවසයි.

එම කරුණු මුස්ලිම් ප‍්‍රජාවට සංවේදී කරුණු බව පවසන මන්ත‍්‍රීවරයා, එම කරුණු මාධ්‍ය හමුවේ හෙළිදරව් කිරීම ප‍්‍රතික්ෂේප කර තිබේ.

කෙසේ වෙතත්, තමන් ඇතුළු පිරිස, ආණ්ඩුවෙන් අමාත්‍ය ධූර බලාපොරොත්තු නොවන බවද ඔහු පවසයි.

විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව තමන් ඡුන්දය ප‍්‍රකාශ කළේ, පක්ෂ නායක රාවුෆ් හකීම් ගේ ද ආශිර්වාදය ඇති ව බවද මන්ත‍්‍රීවරයා පවසා තිබේ.

අද ඬේලි මිරර් පුවත්පත ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 + seventeen =