1920 දී ලංකාවේ වනගහනය 49% කි. 2005 දී එය 20% දක්වා පහත වැටී තිබේ. දැන් එය වඩාත් වැඩි වේගයකින් පහත වැටෙමින් තිබේ.

0
218
- Advertisement -
Share
7 / 100

1920 දී ලංකාවේ වනගහනය 49% කි.
2005 දී එය 20% දක්වා පහත වැටී තිබේ.
දැන් එය වඩාත් වැඩි වේගයකින් පහත වැටෙමින් තිබේ.

චමිත් විජේසුන්දර

” මෙම ජීවන ජාලයට යම් බලපෑමක් කරයි ද, හෙතෙම එය තමන්ට ම සිදුකරගත්තා වේ” සහ  “දිගින් දිගටම ඔබ සැතපී සිටින මේ යහන විනාශ කළහොත් යම් දිනෙක ඔබ ඒ යහන මතම හුස්ම හිරවී මරණයට පත්වනු ඇත.” 

සියැටල්‍ එසේ කියයි.

දිනකට අක්කර හතක් වනාන්තර විනාශ කරන අරුම පුදුම සමයක අපි ජීවත් වෙමු.එහෙම ගත්විට මේ හරිත දිවයින නුදුරේදීම කාන්තාරයකි.

මිනිසා සහ සොබාදහම අතර ගැටුමෙහි විපාක ලෝකයම අත්විදී.එහෙත් සොබාදහම සමග ජීවිත ගෙවූ අපේ රටද මෑතකාලීනව සොබාදහම සමග රණ්ඩුකොට අරගලය පටන්ගෙන තිබේ.

වර්ෂ 1920 දී,දිවයින සතුව පැවති වන වැස්ම 49% ක් වූ අතර වර්ෂ 2005 වන විට එය ආසන්න වශයෙන් 20% ක් දක්වා පහත වැටී ඇත. වර්ෂ 1990 -2000 අතර කාල පරාසයේදී මධ්‍යන්‍ය අගයක් ලෙස වසරකට හෙක්ටයාර 26800 බැගින් වන ගහනය අඩු වී ඇත.මේ අනුව සාමාන්‍ය වාර්ශික වන විනාශ සීඝ්‍රතාව 1.14% ක් පමණ වේ. වර්ෂ 2000 – 2005 අතර කාල සීමාව තුල මෙම සීඝ්‍රතාව වසරකට 1.43% කින් වැඩි වී ඇත. කෙසේ වුවත් පාරිසරික ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්ති සහ නීති වල දීර්ඝ ඉතිහාසය හමුවේ සංරක්ෂණ මිනුම් වලට අනුව 1990 වසරේ සිට ප්‍රාථමික වන වැස්මේ වනනාශන සීඝ්‍රතාව 35% කින් පමණ අඩුවී ඇත.

මේව්‍යසනය අද උග්‍රය.මේ වන විනාශය නිසා සිදුවන 

පාරිසරික බලපෑම් හැරුණු විට ශ්‍රී ලංකාවේ වන විනාශයෙන් නිරාවරනය වන ප්‍රදේශ වල ජල ගැලීම්, නායයෑම් හා පාංශු ඛාදනය වැනි තත්වයන් ඇතිවේ.එය ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයේ පැවත්ම සඳහා බලපාන ප්‍රාථමික සාධකයක්ද වේ. ශ්‍රී ලංකාව සතුව දැනට හඳුනා ගත් උභය ජීවීන්, පක්ෂීන්, උරගයින් හා ක්ෂීරපායීන් විශේෂ 751 කට අධික ප්‍රමාණයක් සිටින අතර ඉන් 21.7% ඒක දේශික ජීවීන් වන අතර 3314 කට අධික සනාල ශාඛ විශේෂ අතරින් 26.9% ඒක දේශික වේ.

මෑතකාලීන වසර කිහිපයක් තිස්සේම මැයි,ජූනි දෙමාසය සාමාන්‍යයෙන් ස්ව්භාවික විපත් සිදුවූ කාල සමයක් ලෙස හඳුන්වා දිය හැකිය. නිරිත දිග මෝසමමැයි මාසයේදී මැද සිට ඔක්තෝම්බර් දක්වා මාලදිවයින, ශී‍්‍ර ලංකාව, ඉන්දියාව ඇතුළු නිවර්තන කලාපීය ආසියාතික ප‍්‍රදේශ රාශියකට බලපාමින් වැසි ගෙන දෙන සමයකි.මේ අතරින් ශ්‍රීලංකාව දැඩි බලපෑමට ලක්වන්නේ මැයි,ජූනි දෙමාසය ප්‍රමුඛ කොටගෙනය.

ඉකුත් දෙවසර තුල අතිමහත් විපත් රැසක් මේ මාස තුල සිදු වූ අතර ඉන් ශේෂවූ අහිමිවීම් සුලුපටු නොවීය.මෝසම් සමය සක්‍රීය වීමත් සමඟ උදාවන වර්ෂාව සහ සුළඟ අඇතැම් ප්‍රදේශ ආක්‍රමණය කරන්නේ වියරු වේශයෙන්ය.එකී ආක්‍රමණවල සාහසික ප්‍රතිපල අතිශය පීඩාකාරිය.

ස්වාභාවික උවදුරු සිද්ධීන් පුළුල් කාණ්ඩ දෙකකට බෙදා ගත හැක.

 භූ භෞතික උපද්‍රව  භූමිකම්පා, වෙරළ ඛාදනය, ගිනි කඳු පිපිරීම් , සුළි කුණාටු, හා නියඟය වැනි භූ විද්‍යාත්මක  හා කාලගුණ විද්‍යාත්මක  සංසිද්ධි වලින් සමන්විත වේ.කෙසේ වෙතත් භූ විද්‍යාත්මක පිහිටීම් හේතුකොටගෙන ශ්‍රීලංකාව මේ සියලු උපද්‍රව වලට ලක්වීමේ අවදානම් කලාපයට අයත් නොවුනත්,මින් කිහිපයකට මුහුන දීමේ අවදානමෙන් මිදෙන්නට හැකියාවක් නැත. 

මීට දශක කිහිපයකට පෙර ශ්‍රීලංකාව ඉලක්ක කොට කඩා වදින ස්වභාවික ව්‍යසන ප්‍රමානාත්මකව අඩු වුවත් මෑතක සිට තත්ත්වය වඩා සංකීර්ණ මුහුණුවරක් ගෙන තිබේ.  දිනෙන් දින ඉහළ යන ස්වභාවික ආපදාවන් හේතුවෙන් ඒවා කළමනාකරණය කරගන්නා ආකාරය පිළිබඳ විශාල කතිකාවක් රට තුළ නිර්මාණය වී තිබේ. ස්වභාවික විපත් කල්තියා හඳුනා ගැනීමට උපකාරි වන නවීන තාක්ෂණය කෙරෙහිද මේ මොහොතේ විශේෂ අවධානයක් යොමු වී තිබේ. එසේම ස්වභාවික උපද්‍රව කල්තියා දැනුම් දී තිබියදී එම ස්ථානවලින් ඉවත් නොවන අය සම්බන්ධයෙන්ද කටයුතු කිරීම සඳහා නව නීති හඳුන්වා දීම පිළිබඳවද අවධානය යොමු වී ඇත.

ආපදා කළමනාකරණය ලෙස හඳුන්වනු ලබන්නේ ස්වභාවික සහ වෙනත් ආපදාවකදී ඊට මුහුණ දීම සඳහා වන පෙර සූදානමයි. ඒ සඳහා සැලසුමක්  අවශ්‍යවේ. 

කෙසේ වෙතත් එකී කලමනාකරණය සම්බන්දව මෙරට සමාජය තවදුරටත් දක්වන්නේ පසුගාමී ප්‍රතිචාරයකි. අවම කිරීම, පෙර සූදානම, ප්‍රතිචාරය, නැවත යථා තත්ත්වයට පත්කිරීම යන කාරණා මුල්කොටගත් ‘ආපදා කලමනාකරණයේදී’තාමත් පෙර සූදානම සම්බන්දව සමාජය එතරම් සැලකියයුතු මට්ටමකින් ඉදිරිගාමී නැත.

ඒ නිසාම ව්‍යසනය හිස උඩට පාත්වන තුරු කිසිවෙක් සැලකිලිමත් වන්නේ නැත.වරද අනෙකා පිට පවරා වේදනාවෙන් දෙස්දෙවොල් තැබීම සාමාන්‍ය ක්‍රමවේදය වී තිබේ.

 2012වසරේ ගංවතුර සහ නායයාම මිනිස් ජීවිත 40කට ආසන්න ප්‍රමාණයක් අහිමි කළ අතර ලක්ෂ තුනක් වූ ජීවිත උන් හිටි තැන් නැති ත්ත්වයට පත් කරනු ලැබීය. 2014දී මේ ආපදා ත්ත්වය  ජීවිත 20ක් බිලිගත් අතර  2015 මිනිස් ජීවිත 10ක ඉරණම ස්ව්භාවික ව්‍යසන විසින් තීන්දු කළහ.. 2016 වසර 100කට වැඩි ප්‍රමාණයකට ජීවිත අහිමි කළ බිහිසුණු නාය යාමක් සිදු කළ සොබාදහම, 301,602 විතර පිරිසක් අවතැන් කරනු ලැබීය.

මෙයින් ගම්‍ය වන්නේ ව්‍යසනවල හානිදායක ප්‍රතිපල වසරින් වසර වර්ධනය වන ආකාරයයි.එහෙත් ඊට සාපේක්ෂව සූදානම් වීම මන්දගාමී තත්ත්වයක පැවතීම අවසන් ප්‍රතිපලය ලෙස ඉතිරි කරනුයේ ඛේදාන්තයකුයි.

ජපානය, චීනය වැනි රටවල් වර්ෂයක් පාසාම විශාල ලෙස භූ කම්පන, නායයෑම් ගංවතුර වැනි හදිසි ආපදාවන්ට ලක්වේ. නමුත් ඔවුන් එම ආපදා තත්ත්වය හොඳින් කළමනාකරණය කරගන්නට සමත් වේ. කෙතරම් ප්‍රබල අන්දමින් එම ව්‍යසනයන් ජනතාවගේ ජීවිතවලට බලපෑම් කළද සාපේක්ෂව මිනිස් ජීවිත අහිමි වන්නේ ඉතා අඩුවෙනි. අපේ රටට සාපේක්ෂව එය ඉතා පහළ අගයක් ගනී.  ජපානය වැනි රටවල ආපදාවන්ට මුහුණදෙමින් ජීවත්වීමට ඔවුන් හුරුව ලබා ඇත. එය ඔවුන්ගේ සංස්කෘතියේම අංගයක් බවට පත්ව ඇත. නමුත් අපේ රටේ ජනතාවට ආපදාවන්ට මුහුණ දෙන ආකාරය පිළිබද හුරුවක් නැත.

අවාසනාවට එයින් සිදුවන්නේ ස්වභාවික විපත් කැඳවාගැනීම සහ කැමැත්තෙන් බිලිවීමක් වැනි තත්ත්වයකි.

ඒ නිසා අවධානම කෙරෙහි අවදියෙන් සිටීමත් ඒ උදෙසා සූදානම් වීමත් වටිනේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 + 1 =