19 වැනි සංශෝධනය නැවතත් බලගැන්විය යුතු බව මෛති‍්‍රපාල සිරිසේන අවධාරණය කරයි

0
84
- Advertisement -

19 වැනි සංශෝධනය වෙනස්කම් සහිතව හෝ නැවතත් සම්මත කර, දැනට මේ පවත්වාගෙන යන අත්තනෝමතික ක‍්‍රමයට තිත තැබිය යුතු බව හිටපු ජනාධිපති, පොලොන්නරුව දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර මෛති‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කළේය.

ඔහු මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (4) මාතලේ දිස්ති‍්‍රක්කයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය අමතමිනි. මෙහිදි ආන්දෝලනාත්මක හෙලිදරව්කිරීම් කිහිපයක් කළ ඔහු පවසා සිටියේ තම පාලන කාලය අසාර්ථක කිරීමට යහපාලන ආණ්ඩුවේම මැති ඇමතිවරුන් පිරිසක් කටයුතු කළ බවයි.

මේ නිසා පුළුල් ජනතා අරමුණු ඉටු කරන්නට ජනතාව ලබාදුන් අවස්ථාව අතහැරිණි.
සුසිල් පේ‍්‍රම්ජයන්ත මහතාව රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම පිළිබඳවද මෙහිදී ඔහු විවේචනය කළේය. ඔහු පවසා සිටියේ අමාත්‍ය නිමල් ලංසා මහතා ආණ්ඩුව තදින් විවේචනය කළ අවස්ථා තිබූ බවත්, එසේ වුවද ඔහුට එරෙහිව චෝදනා පත‍්‍රයක් නැති බවත්ය.

එයට හේතුව තමුන් හොඳින් දන්නා බව මෙහිදී අවධාරණය කළ මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසු සිටියේ ඔහු බොහෝ දේ ගැන දන්නා පුද්ගලයෙක් බවයි. ආණ්ඩුව ඔහු සම්බන්ධයෙන් නිහ`ඩ ලිහිල් පිලිවෙතක් අනුගමනය කරන්නේ ඒ නිසාය.

එසේම අද වනවිට අල්ලස දූෂණය රජ කරන බවත්, ප‍්‍රාදේශිය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වාම හොරකම පැතිර ඇති බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

වැලි බලපත‍්‍රයේ සිටම සියලූ කාර්යයන් සඳහා කොමිස් ගන්නා බව මෙහිදී ප‍්‍රකාශ කළ අතර, පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව ඔහු තුළ ඇති කලකිීම හා විරෝධය මෙහිදි මැනවින් පිළිබිඹු විය.

එසේම ඔහු පෙන්වා දුන්නේ ඊළඟට පැවැත්වෙන මැතිවරණයකදී තනි දේශපාලන පක්ෂයකට ආණ්ඩුයක් පිහිටුවීමට අවකාශයක් නොමැති බවයි. ඒ අනුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් විය යුත්තේ එබඳු තත්ත්වයකදි වඩාත්ම නිවැරදි පියවරක් අනුගමනය කිරීමටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 5 =