e-sport ඉතිහාසයේ විශාලතම තෑගි මුදල දිනු වයස 16යෙ පොඩ්ඩා

0
139
- Advertisement -

ලොව පුරා අතිශය ජනප්‍රිය Fortnite පරිගණක ක්‍රීඩාවේ ලෝක ශූරතා තරඟාවලිය පසුගියදා අවසන් වූයේ එතෙක් මෙතෙක් e-sport ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදල 16 හැවිරිදි ඇමරිකානු ක්‍රීඩක Kyle Giersdorf ට හිමි කර දෙමින්.

කේවල වටයෙන් පළමු ස්ථානය ලබා ගත් Kyle දිනූ ත්‍යාග මුදල ඩොලර් මිලියන 3ක් වන අතර තරඟාවලිය සඳහා වෙන් කර තිබූ සම්පූර්ණ ත්‍යාග මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 30කට අධිකයි.

මෙම අවසන් තරඟය නරඹන්නන් දහස් ගණනක් මධ්‍යයේ ඇමරිකාවේ Arthur Ashe ක්‍රීඩාංගනයේ දී පැවැත්වුනා.

ලංකාව ඇතුලු ලොව පුරා රටවල ක්‍රීඩක‍යන් මිලියන් 200කට අධික පිරිසක් Fortnite පරිගණක ක්‍රීඩාව හා සම්බන්ධව සිටිනවා. මෙවර පැවති ලෝක ශූරතාවය සඳහා මිලියන 40ක පමණ ක්‍රීඩකයන් තරඟ වැදී තිබුණා.

NEW YORK, NEW YORK – JULY 28: Kyle “Bugha” Giersdorf celebrates after winning the Fortnite World Cup solo final at Arthur Ashe Stadium on July 28, 2019 in New York City. (Photo by Mike Stobe/Getty Images)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × one =