රටපුරා කසළ කඳු 150ක්.

0
217
- Advertisement -
Share

දිවයින පුරා කසළ කඳු 150ක් තිබෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් උපාලි ඉන්ද්‍රරත්න පැවසීය.

මෙම කසළ කඳු අතරින් පහක් හෝ හයක් සෑම වසරකම පෙබරවාරි සහ අප්‍රේල් මාසවලදී බරපතළ ලෙස ගිනි ගැනීමට ලක්වන අතර, එම ගිනි නිවා දැමීමටවත් නොහැකි මට්ටමට ව්‍යාප්ත වන බව පැවසේ.

එම කසළ කඳුවල ඇති ප්ලාස්ටික් ගිනි ගැනීම නිසා ඒවා මයික්‍රෝ ප්ලාස්ටික් ලෙස පරිසරයට එකතු වීමෙන් විශාල පරිසර හානියක් ද සිදුවෙයි.

කසළ කඳුවලින් සිදුවන වායු දූෂණය නිසා ස්වසන රෝග,ස්නායු රෝග,පෙණහළු රෝග සහ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝග ඇතිවීමේ ඉඩ පවතින බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − 6 =