13 වසරක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කර තිබිය දී, අවුරුදු 16 දරුවන්ගෙනුත් වැඩ ගැනීමට කැබිනට් මණ්ඩලය අවසර දෙයි.

0
1294
- Advertisement -
Share

13 වසරක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කර තිබිය දී,
අවුරුදු 16 දරුවන්ගෙනුත් වැඩ ගැනීමට කැබිනට් මණ්ඩලය අවසර දෙයි.

2017 වසරේ සිට, මේ රට සිටින සෑම දරුවකුටම, වසර 13 ක අඛණ්ඩ පාසල් අධ්‍යාපනයක් ලැබීම අනිවාර්ය කර තිබේ.

ඒ අනුව ගත් විට, රටේ සෑම දරුවෙක්ම, පාසල් අධ්‍යාපනය හමාර කළ යුත්තේ වයස අවුරුදු 18 දී ය.

එසේ තිබියදී, ශ්‍රම බලකායට ඇතුළු විය හැකි අවම වයස අවුරුදු 16 බවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව, කම්කරු හා විදේශ සබදතා අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබේ.

මෙය උභතෝකෝටික තත්ත්වයකි.

ශ්‍රම බලකායට ඇතුළු විය හැකි අවම වයස අවුරුදු 16 ලෙස පිළිගන්නේ නම්, අවුරුදු 13 ක අඛණ්ඩ පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක නොවන තත්ත්වයකට පත්ව තිබිය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 4 =