කරාපිටිය රෝහල් භූමියේ සායනික අපද්‍රව්‍ය පිර වූ කන්ටේනර් 12ක්.

0
547
- Advertisement -

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල භූමියේ සායනික අපද්‍රව්‍ය පිර වූ කන්ටේනර් 12ක් ගාල් කර ඇති බව වාර්තා වනවා.

මෙම අපද්‍රව්‍ය ඉවත් කිරීමට ප්‍රමාද වීම හේතුවෙන් මෙම අපද්‍රව්‍ය කන්ටේනර් වල සහ අවට පුරවා තිබෙන අතර, රෝහල් පරිපාලනයට සහ රෝගීන්ට සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

සායනික අපද්‍රව්‍ය කිලෝ 700කට වැඩි ප්‍රමාණයක් දිනකට කරාපිටිය රෝහලේන් පමණක් බැහැර කරන බවත් වෙනත් රෝහල්වල සායනික අපද්‍රව්‍ය මෙම ස්ථානයට රැගෙන එන අතර ජාඇල ප්‍රදේශයේ කොන්ත්‍රාත් සමාගමක් විසින් එම සායනික අපද්‍රව්‍ය රැගෙන යන බවද නමුත් මාස ගණනාවකින් කොන්ත්‍රාත් කරුවන් පැමිණ නැති බවද රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳව රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් විමසීමක් කළ විට අධ්‍යක්ෂකවරයා පවසා සිටියේ හැකි ඉක්මනින් මෙම සායනික අපද්‍රව්‍ය ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 3 =