ෆේස් බුක් – ලොකුම දඩය කයි..!

0
880
- Advertisement -

එක්සත් ජනපදයේ ෆෙඩරල් වෙළද කොමිසම මගින්, ෆේස් බුක් සමාගමට එරෙහිව වාර්තාගත දඩ මුදලක් පනවා තිබේ.

අදාල දඩ මුදල ඇමරිකානු ඩොලර් බිලියන පහකි. මෙසේ වාර්තාගත දඩ මුදලක් ෆේස්බුක් සමාගමට එරෙහිව පැනවීමට හේතුව වූවේ, ෆේස්බුක් සමාගම විසින් ෆේස් බුක් පරිශීලිකයන්ගේ දත්ත, වෙනත් පාර්ශ්වයකට ලබා දීම හේතුවෙනි.

ෆේස් බුක් සමාගම විසින් සිය පරිශීලකයන් මිලියන 87 දෙනෙකුගේ දත්ත ලබා දී ඇත්තේ, බි‍්‍රතාන්‍යයේ දේශපාලන උපදේශන සමාගමක් වන, කේම්බි‍්‍රජ් ඇනලටිකා යන සමාගමට යි.

එක්සත් ජනපද ෆෙඩරල් වෙළද කොමිසම විසින් කිසියම් ආයතනයක් වෙත පනවා ඇති විශාලම දඩ මුදල මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 + 8 =