ෆේස්බුක් නිසා තොරතුරු තාක්ෂණ පිඨයේ සිසුන් තිදෙනෙක් රෝහලේ

0
769
- Advertisement -

ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ, තොරතුරු තාක්ෂණ පිඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු දෙපාර්ශවයේම සිසුන් තිදෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කර ඇති බව අක්මිමණ පොලිසිය පවසනවා.

මුහුණු පොතේ පළවු ඡායාරූපයක් සම්බන්දයෙන් ඇතිවු බහින් බස්විමක් දුරදිග යාමෙන් මෙම ගැටුම ඇතිවි තිබෙන බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වී තිබෙනවා.

උසස් තාක්ෂණ ආයතනයේ භෝජනාගාරය තුලදි මෙම ගැටුම ඇති වී තිබෙනවා.