ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා දිනා ගැනීමේ සටනින් සජිත් දිනුම්..!

0
637
- Advertisement -

ඉදිරි ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා නම් කරනවාට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප‍්‍රසිද්ධියේම සිය විරෝධය පළ කර සිටියේය.

කෙසේ හෝ අවසානයේ දී, එක්සත් ජාතික පක්ෂය, සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළේ ය. ඉන් පසුව, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට තීරණය කර ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තා කළේ ය. එමෙන්ම, පොහොට්ටු පක්ෂයේ මන්ත‍්‍රීවරු කීප දෙනෙකුම, අවස්ථා කිහිපයකදී ම, තමන් හා එක් වන ලෙස, විවෘතවම ෆීල්ඩ් මාර්ෂල්ට ආරාධනා කළේ ය.

කෙසේ වෙතත්, අද උදෑසන සජිත් පේ‍්‍රමදාස මහතා කැළණි විහාරය වැද පුදා ගැනීමට ගොස් තිබුණු අතර, ඒ ගමනේ දී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාද සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා සමග සිටියේ ය. ඊට අමතරව, ගාලූමුවදොර පිටියේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ පළමු ජන රැුළියටද ෆීල්ඞ් මාර්ෂල්වරයා පැමිණ සිටියේ ය. සජිත් පේ‍්‍රමදාස මහතාට වම් පසින්, ෆීල්ඞ් මාර්ෂල්වරයාට අසුන් පනවා තිබුණේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five − three =