ෆවුසී දංගෙඩියට – මෛත‍්‍රී මැති සභයට..!

0
884
- Advertisement -

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම සදහා ඉල්ලා අස්වීමට කැමැත්ත පළ කර ඇති මන්ත‍්‍රීවරු දෙදෙනෙකු පිළිබදව මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබුණි. අවසාන මොහොතේ, එම මන්ත‍්‍රීවරු දෙදෙනාම, මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඉල්ලා අස් වීමට අකමැති විය.

පසුව වාර්තා වූයේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තු ඒමේ අවස්ථාව ලබා දීම සදහා ඒ.එච්.එම් ෆවුසී මහතා ඉවත් කිරීමේ කුමන්ත‍්‍රණයක් දියත්ව ඇති බවයි.

අදාල කුමන්ත‍්‍රණයට එරෙහිව ෆවුසි මහතා නැගී සිටියේ ය. කෙසේ වෙතත්, පක්ෂයේ විනය උල්ලංඝණය කර ඇති බවට චෝදනා කරමින්, ඒ.එච්.එම් ෆවුසි මහතාගේ පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීමට ලිපියට තමන් අත්සන් තැබූ බව, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව, තවත් මාසයක් ඇතුළත, ඒ.එච්.එම් ෆව්සි මහතාගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අහෝසි වී යනු ඇත. ඊට එරෙහිව අධිකරණයට යෑමේ හැකියාව මන්ත‍්‍රීවරයාට තිබේ.

ෆවුසි ඉවත් කිරීමේ කුමන්ත‍්‍රණය පිටුපස ඇත්තේ හිටපු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ ලබා දී ම බව බොහෝ දෙනා පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × four =