“හෝමාගම, ජාත්‍යන්තර කි‍්‍රකට් ක‍්‍රීඩාංගනය කොහොමහරි හදන්නමයි හිත..!”

0
574
- Advertisement -

හෝමාගම, ජාත්‍යන්තර කි‍්‍රකට් ක‍්‍රීඩාංගනය කොහොමහරි හදන්නමයි හිත..!

හෝමාගම, දියගම ඉදිකිරීමට සැලසුම් කර තිබූ ජාත්‍යන්තර කි‍්‍රකට් ක‍්‍රීඩාංගනය පිළිබදව බලාපොරොත්තු තවමත් අත් හැර නැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසූ බව, ඬේලි මිරර් පුවත් අඩවිය වාර්තා කරයි.

අදාල ණය මුදල ලබා ගැනීම අනුමත නොවේනම්, ඊට අදාල ආධාර සොයා ගැනීමට තමන් සූදානම් බවද අමාත්‍යවරයා පවසා තිබේ.

මීට පෙර අවස්ථාවලදී ද, තමන් අධ්‍යාපන අමාත්‍යවරයාව සිටියදී, පාසල් සදහා බෙදා දීමට ජපානයෙන් බස් රථ සහ දකුණු කොරියාවෙන් ග‍්‍රීන් බෝර්ඞ් ගෙන්වා ගැනීමට තමන් සමත් වූ බවද අමාත්‍යවරයා පවසා තිබේ.

ඒ ආකාරයට, හෝමාගම ඉදිකිරීමට නියමිත කි‍්‍රකට් ක‍්‍රීඩාංගනය සදහා ආධාර ලබා ගැනීමට තමන්ට හැකිවෙනු ඇතියි, අමාත්‍යවරයා විශ්වාස කරයි.

තමන්ගේ මැතිවරණ බලප‍්‍රදේශය තුළ එවැනි ක‍්‍රීඩාංගනයක් තිබිය යුතු යැයි තමන් සිතන බවද අමාත්‍යවරයා පැවසූ බව, ඬේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − nine =