හොරණ බොඩිලයින් කර්මාන්තශාලාවෙන්
ආසාදිතයන් 34 ක් හදුනා ගනී.
හොරණ බොඩිලයින් ඇගළුම් කර්මාන්ත ශාලාව තුළ, අද දිනයේ සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ 145 කට අනුව, ආසාදිතයන් 34 දෙනෙකු හදුනාගෙන ඇති බව වාර්තා වේ.
පසුගිය 30 වන දා, එම කර්මාන්ත ශාලාවෙන් පළමු කොරෝනා ආසාදිතයා හමු වූ අතර, ඒ අනුව, මෙම පීසීආර් පරීක්ෂණ සිදු කර තිබේ.
එම කර්මාන්ත ශාලාව නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇති බව එහි පරිපාලනය දැනුම් දෙයි.
බොඩිලයින් ඇගළුම් කර්මාන්ත ශාලාව, MAS සමූහ ව්‍යාපාරයට අයත් වේ.