හොංකොං දේශයේ ප්රජාතන්ත්රවාදය අනතුරේ. මාධ්‍ය ආයතන ප්‍රධානියෙකු අත් අඩංගුවට ගනී. පුවත්පත මුද්‍රා තබයි.
හොංකොන් රාජ්‍යයට බලපාන ආකාරයට, චීනය විසින් සම්මත කරන ලද නව ආරක්ෂක නීතිය යටතේ, හොංකොන් රාජ්‍යයේ ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතනයක හිමිකරුවෙකු ඊයේ දිනයේ දී අත් අඩංගුවට ගෙන තිබේ.
ජිමී ලායි යන නමින් හදුන්වන මේ මාධ්‍ය ප්‍රධානියා, හොංකොන් දේශයේ, ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් කැපවුණු පුරවැසියෙකු ලෙස සැලකේ.
හොංකොං රාජ්‍ය බි්රතාන්ය යටත් විජිතයක්ව පැවති අතර, 1997 වසරේ දී, බි්රතාන්යයන් විසින් නැවත එය චීනය වෙත පවරා දෙන ලදී.
චීනයේ ආධිපත්‍යයෙන් සම්පූර්ණයෙන් ම නිදහස් වීම සදහා – හොංකොන් රාජ්‍ය තුළ උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත්ව තිබුණු අතර, චීනය, සිය ආධිපත්‍ය හොංකොන් රාජ්‍යය තුළ පිහිටුවීම සදහා විවිධ උපක්‍රම අනුගමනය කරමින් සිටියි.
ඊට අදාල නව ආරක්ෂණ නීතියක් පසුගිය දා චීනය සම්මත කර ගත්තේ ය.
හොංකොන් තුළ සිදුවන ප්රජාතන්ත්රවාදී උද්ඝෝෂණ මර්දනය කිරීම සදහා එම නව නීතිය චීනය උපයෝගී කර ගනියි.