හෙලිකොප්ටර් අනතුරෙන් ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ ඔහුගේ බිරිද ඇතුළුව දහතුන් දෙනෙකු මිය යයි.

0
205
- Advertisement -

හෙලිකොප්ටර් අනතුරෙන්
ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ ඔහුගේ බිරිද ඇතුළුව
දහතුන් දෙනෙකු මිය යයි.


තමිල්නාඩුවේ දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරෙන්, ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරාල් රාවත් සහ ඔහුගේ බිරිද ඇතුළු 13 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුර සිද්ධවන අවස්ථාවේ දී හෙලිකොප්ටර් යානය තුළ පුද්ගලයෙන් 14 දෙනෙකු ඉද ඇති අතර එක් අයෙකු පමණක් අනතුරින් දිවිගලවාගෙන තිබේ.

මෙම අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ඇතුළු පිරිස ගමන්ගත් අනතුරට පත් වූ හෙලිකොප්ට ර් යානය ඉන්දීය ගුවන් හමුදාවට අයත් එකකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five + 17 =