හෙරෝයින් ලග තබා ගත් පුද්ගලයන් දෙදෙනෙක් සමග ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට.

0
642
- Advertisement -

නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම, පියර්ගම ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 210 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද (21 දා) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උතුරු මැද නාවික විධානය විසින් තලෙයිමන්නාරම, පියර්ගම ප්‍රදේශයේ වෙරළ තීරයේදී සිදු කළ සෝදිසි කිරීමකදී හෙරොයින් ලඟ තබා ගත් පුද්ගලයන් දෙදෙනා සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

නාවික හමුදා බාරයට ගත් පුද්ගලයන් දෙදෙනා මීගමුව සහ තලෙයිමන්නාරම ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 31 සහ 42 ක් වන දෙමළ සහ සිංහල පුද්ගලයන් බව හඳුනාගෙන තිබෙනවා.

එම පුද්ගලයන් දෙදෙනා,ඩිංගි යාත්‍රාව සහ හෙරොයින් ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම, පොලිසිය වෙත නාවික හමුදාව විසින් බාර දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 − four =