හෙරොයින් පැකට් 8,000 ක් සමඟ
තරුණ අඹුසැමි යුවල අත් අඩංගුවට.
සැමියාට 23 යි. බිරිදට 21 යි.
වෙළදපොළ වටිනාකම රුපියල් මිලියන අටක් පමණ වන, හෙරොයින් පැකට් 8,000 ක් සමග, තරුණ අඹුසැමි යුවලක් පිලියන්දල පොලිසිය මගින්, පිලියන්ද පැලන්වත්තේ දී අත් අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් වූ සැමියාගේ වයස අවුරුදු 23 ක් වන අතර ඔහුගේ බිරිද වයස අවුරුදු 21 ක තරුණියක් බව වාර්තා වේ
ඔවුන් සන්තකයේ තිබී, රුපියල් 28,500 ක්, ජංගම දුරකථන 02 ක් හා බැංකු කාර්ඞ් පත් පහක් ද හමු ව තිබේ.