හෙට වෛද්‍ය වැඩවර්ජනයක්

0
646
- Advertisement -

රජයේ රෝහල්වල වෛද්‍ය වැඩවර්ජනයට සමගාමීව හෙට (22දා) දිනයේ පෞද්ගලික චැනල් සේවාවලින්ද ඉවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ගැටලු කිහිපයක් මුල් කරගනිමින් හෙට (22දා) උදෑසන 8.00 සිට පැය 24ක වැඩවර්ජනයක් සිදුකරන බවත්, මේ නිසා මෙම කාලය තුළදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් පෞද්ගලික චැනල් සේවාවලින්ද ඉවත්වන බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.

ඇති වී තිබෙන ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා අපොහොසත් වී තිබෙන බවත්, මේ නිසා සමස්ත සෞඛ්‍ය සේවාවම අර්බුදයකට ලක්වෙමින් තිබෙන බවත් ඔහු පවසා සිටියේය.

වෛද්‍ය වැඩවර්ජනය සිදුකළද හදිසි අනතුරු සේවා පවත්වාගෙන යන බවත්, මීට අමතරව ළමා, මාතෘ රෝහල්, පිළිකා රෝහල් හා ආරක්ෂක අංශ සතු රෝහල් තුළ වෛද්‍ය වැඩවර්ජනය සිදු නොකරන අතර රෝගී අයිතිවාසිකම් රැකදීමට හා සෞඛ්‍ය සේවාව රැකදීම සඳහා මෙම වැඩවර්ජනය සිදුකරන බව ඒ මහතා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − four =