හෙට මාතර යනවද ? අරගලිය ගහ මන්දිරයට යනවද ?

0
695
- Advertisement -

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා සජිත් ප්‍රේමාදස මහතා ඉදිරිපත් කිරීම සඳහා බලකරන රැළි මාලාවේ දෙවැන්න හෙට, මාතර දී පැවැත්වීමට නියමිත ය.

මෙම රැළිය හරහා එජාප නායකත්වයට යම් කිසි බලපෑමක් එල්ල කිරීමට නම්, එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ද ඇතුළුව, මැති ඇමතිවරු මාතර රැළියට සහභාගී වීම අත්‍යවශ්‍ය කාරණයකි.

එසේ තිබිය දී, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරු සියල්ලන් වෙනුවෙන් හෙට දිනයේ අරලියගහ මන්දිරයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කර තිබේ. අග්‍රාමාත්‍යවරයා මෙම රාත්‍රී භෝජන සංග්‍රහය ලබා දෙන්නේ, වත්මන් ආණ්ඩුවට සිව් වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 + 13 =