හිස්බුල්ලාගේ කාර්යාලයකින් ටී.56 ගිණි අවියක් සහ පතරොම් තොගයක් හමු වීම.

0
771
- Advertisement -
Share

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර, හිස්බුල්ලා මැතිතුමාගේ කාන්තන්කුඩිය කාර්යාලයේ තිබී ටී.56 ගිණි අවියක් සහ පතරොම් තොගයක් හමු වී ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාට අනුව, කාන්තන්කුඩිය ප‍්‍රදේශයේ තිබෙන, හිස්බුල්ලා ආණ්ඩුකාර තුමාට අයත් මේ කියන කාර්යාලය දැනට මාසයක පමණ කාලයක සිට වසා දමා තිබේ. එහි හිස්බුල්ලා ආණ්ඩුකාරවරයාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිළධාරීන්ද පදිංචිව සිට ඇත. කෙසේ වෙතත්, වසා දමා තිබූ කාර්යාලයේ ඇති, පොලිස් නිළධාරීන් භාවිතා කරන කිට් බොක්ස් එකක තිබී ටී.පනස් හය පතරොම් 48ක් හමු වී තිබේ. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක වරයාට අනුව, අදාල කාර්යාලයේ තිබී ටී 56 ගිණි අවියක් හමු වී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොරය. කෙසේ වෙතත්, අදාල කාර්යාල ගොඩ නැගිල්ල බලා ගන්නා පුද්ගලයා මේ වන විට අත් අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකගේ හඩපටය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 + nineteen =