හිටපු මුදල් ඇමති, මංගල එදා පැද්ද වාහනේ අද පදින්නේ ශිරන්ති ද..?

0
496
- Advertisement -

පසුගිය රජය විසින් අමාත්‍යාංශ සඳහා ගෙන්වූ වාහන අනිවාර්යයෙන්ම එම අමාත්‍යාංශ සතුව පැවතිය යුතු බවත් එසේ නොවන්නේ නම් ඒවා ඇත්තේ කොහිදැයි විමර්ශනය කළ යුතු බවත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 

“ඒවා තියෙන්න ඕනේ. නොතියෙනවා නම් ඒක බරපතළ වරදක්. තියෙන්න ඕනෙ. මම මුදල් ඇමතිවරයා හැටියට අන්තිමට පාවිච්චි කරපු වාහනේ කවුද පාවිච්චි කරන්නේ කියලා ඕගොල්ලනුත් ඉන්වෙස්ටිශේෂන් එකක් කරන්න. කරලා මට කියන්න. දැන් ඒක කොහෙද තියෙන්නෙ කියලා මට කියන්නකො” යනුවෙන් ඒ මහතා පිළිතුරු දුන්නේ එම වාහන අමාත්‍යාංශ සතුවම පවතින්නේදැයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 

ඉන් අනතුරුව අසල සිටි රවී කරුණානායක මහතා වෙත හැරුණු මංගල සමරවීර මහතා “ශිරන්තියි  ….” යනුවෙන් සෙමින් පවසන ආකාරය ද පසුගිය 20 වනදා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුව අතරතුර මයික්‍රෆෝන් මඟින් ඇසුණි. 

රුපියල් ලක්ෂ 28,700 ක් වැය කර පසුගිය රජය කාලයේ ගෙන්වන ලද වාහන 78 තිබෙන්නේ කොහේද කා සතුවද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය දා (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ

දැන් තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ වාහන තිබෙන්නේ කොහෙද කියන එක. සමහරු අපි ගත්තේ නැහැයිලු. සමහරු කියනවා මම දන්නේ නැහැ කියලා. දැන් මේ වාහන තියෙන්නේ කොහෙද? කවුද භාවිතා කරන්නේ කියලා පරීක්ෂණයක් කරන ලෙස අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා.” යැයි පැමිණිල්ල ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නලින්ද ජයතිස්ස මහතා පැවසීහ.

colomboXnews.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight − 6 =