හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිද එක් නඩුවකින් නිදොස්කොට නිදහස් කරයි.

0
550
- Advertisement -

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිද එක් නඩුවකින් නිදොස්කොට නිදහස් කරයි.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිදට එරෙහිව කොළඹ මහාධිකරණයේ පැවති නඩුවකින්,ඔවුන් දෙදෙනා නිදොස්කොට නිදහස් කර තිබේ.

අදාල නඩුව, ඔවුන් දෙදෙනා විසින්, මහරගම තිබෙන ඉඩමක් පවරා ගැනීම සම්බන්ධයෙන් පවරා තිබුණි.

අදාල ගනුදෙනුව සිදුව ඇත්තේ 1996 වසරේ දී බවත්, නීතිපතිවරයා විසින් එම ගනුදෙනුවට අදාලව විත්තිකරුවන්ට නඩු පවරා ඇත්තේ, නඩු පැවරිය හැකි කාලය ඉක්මවා ගොස් තිබිය දී බවත් වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිද වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා කරුණු දක්වා තිබේ.

ඒ අනුව, නීතිපති දෙපාර්තමේන්තුව ඔවුන් දෙදෙනාට එරෙහිව පැවති අධිචෝදනා ඉල්ලා අස්කරගෙන ඇති අතර, පසුව කොළඹ මහාධිකරණය විසින් ඔවුන් දෙදෙනා අදාල නඩුවෙන් නිදොස්කොට නිදහස් කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 + 10 =