හිටපු ජනාධිපති මෛත්රීගේ කාර්ය මණ්ඩල ප්රධානියාගේ ඇප අයදුම්පත ප්රතික්ෂේප වේ.
මෙරට තුල සීනි කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට පැමිණි ඉන්දියානු ආයෝජකයෙකුගෙන් රුපියල් මිලියන සියයක අල්ලසක් ඉල්ලා, එම මුදලින් රුපියල් මිලියන විස්සක අත්තිකාරම් මුදලක් ලබා ගත් බවට චෝදනා කරමින්, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ කාර්ය මණ්ඩල ප්රධානී කුසුම්දාස මහානාම සහ එවකට දැව සංස්ථාවේ සභාපතිවරයා වූ පියදාස දිසානායක යන අය අත් අඩංගුවට ගන්නා ලදී.
එසේ අත් අඩංගුවට ගත් අය අතරෙන්, හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්රධානියා වූ කුසුම්දාස මහානාම ඉදිරිපත් කර තිබූ ඇප අයදුම්පත, අද දිනයේ දී කොළඹ ස්තිර ත්රී පුද්ගල මහාධිකරණය මගින් ප්රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.