හිටපු ජනාධිපති දුෂණයේ ප‍්‍රතිමූර්තියකි..! දුෂණය හේතුවෙන් රටට අහිමි වී ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 700 ක්. ජාතික ගුවන්සේවය හාන්සියි..!

0
1174
- Advertisement -

දකුණු අප‍්‍රිකාවේ හිටපු ජනාධිපති, ජාකොබ් සුම්මා, දුෂණයේ ප‍්‍රතිමූර්තියක් ලෙස හදුන්වයි. ඔහුගේ පාලන කාලය තුළ රටට අහිමි වී ඇති මුදල් ප‍්‍රමාණය, ඇමරිකානු ඩොලර් බිලියන 700 ක් බව වාර්තා වේ.

2018 වසරේ දී බලය අත් හැරීමට ජාකොබ් සුම්මා ට සිදු විය. එසේ නමුත් තමන් දකුණු අපි‍්‍රකාවට කිසිදු වැරැුද්දක් කර නැති බව හිටපු ජනාධිපතිවරයා පවසයි. රාජ්‍ය සම්පත් නිසිලෙස කළමණාකරණය නොකිරීම සහ තමන් සමීපයේ සිටින සහචරයන්ට එම ආයතන ගසා කෑම සදහා පවරා දීම පිළිබදව ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

ජාකොබ සුම්මාගේ පාලනය යටතේ, දකුණු අපි‍්‍රකානු රාජ්‍ය ගුවන් සේවා ආයතන දෙකක්, සම්පූර්ණ වශයෙන්ම බිද වැටී තිබේ.

ඔහුට එරෙහිව මේ වන විට නඩු පවරා ඇති අතර, තමන් නිර්දෝෂී බව ඔහු විසින් ප‍්‍රකාශ කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty + 17 =