හිටපු ජනපති මෛත්‍රීගේ ශිෂ්‍යත්ව බෙදා දීමේ වැඩසටහන මැතිවරණ කොමිසම නවත්වයි. දරුවන් හිස් අතින් ආපසු යයි.

0
649
- Advertisement -
Share

හිටපු ජනපති මෛත්‍රීගේ ශිෂ්‍යත්ව බෙදා දීමේ වැඩසටහන
මැතිවරණ කොමිසම නවත්වයි.
දරුවන් හිස් අතින් ආපසු යයි.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීම සදහා, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ දරු දැරියන් 360 දෙනෙකුට, ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනක්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සංවිධානය කර තිබුණි.

හිටපු ජනාධිපතිවරයා, මෙවර මැතිවරණය සදහා තරග වදින අපේකෂකයෙකු බැවින්, මෙවැනි වැඩ සටහනක් සංවිධානය කිරීම මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක් යයි පවසා, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් විසින් අදාල ශිෂ්‍යත්ව බෙදාදීමේ වැඩසටහන අත් හිටුවා තිබේ.

ශිෂ්‍යත්ව ලබා ගැනීම සදහා පැමිණි සිසුන් හිස් අතින් විසිර ගිය අතර, මැතිවරණය අවසන් වූ පසුව අදාල ශිෂ්‍යත්ව, එම දරුවන්ට නැවත ලබා දෙන බවට හිටපු ජනාධිපතිවරයා පොරොන්දු වී තිබුණි.

එමෙන්ම, සිදු වූ අපහසුතාවය සම්බන්ධයෙන්, හිටපු ජනාධිපතිවරයා පැමිණි සිසුන්ගෙන් සමාව ඉල්ලා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × two =