හිටපු ජනපතිනියගෙන් ජනාධිපතිට ලිපියක්.

0
100
- Advertisement -

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, පොහොට්ටු පක්ෂය සමග සන්ධානගත වීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. එම ලිපියෙන්, පක්ෂය කැඞීමට තමන් උත්සාහ දරන බවට එල්ල වන චෝදනා ප‍්‍රතික්ෂේප කරන චන්ද්‍රිකා මැතිණිය පවසන්නේ, පක්ෂය කැඞීමේ වගකීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාර ගත යුතු බවයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටු පක්ෂය සමග සංධානගත වීම සම්බන්ධයෙන් පක්ෂයේ බොහෝ සාමාජිකයන් ඔවුන්ගේ විරෝධය පළ කර ඇති බව පවසන චන්ද්‍රිකා මැතිණිය, පක්ෂය බේරා ගැනීම සදහා මැදිහත් වන්නැයි, ඔවුන් තමන්ගෙන් ඉල්ලා සිටින බවද සිය ලිපියේ සදහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven − 7 =