හිටපු එජාප මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන, ජනපතිට ස්තුති කරයි.

0
1081
- Advertisement -

එජාප, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ස්තුතිය පළකර සිටියි.

තමන්ගේ බව සදහන් කරමින්, අන්තර්ජානය ඔස්සේ සැරිසරන අසභ්‍ය වීඩියෝ පටයක් සම්බන්ධයෙන්, ඉක්මන් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට, ජනාධිලති ගෝඨාභය රාජපක්ෂ මහතා ක්ෂණිකව ප‍්‍රතිචාර දැක් වූ බවයි, හිටපු මන්ත‍්‍රීවරයා පවසන්නේ.

අදාල වීඩියෝ ව සම්බන්ධයෙන්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ කොළඹ අපරාධ කොට්ඨාශය මගින්, මේ වන විට පරීක්ෂණ සිදු කරන බවත්, සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධ තොරතුරු රැසක්, පරීක්ෂණ කණ්ඩායම් විසින් හෙළිදරව් කරගෙන ඇති බවත්, කාවින්ද ජයවර්ධන හිටපු මන්ත‍්‍රීවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 + 9 =