හිටපු අගමැති රනිල්ගෙන් ඇමරිකානු ජනාධිපති ට‍්‍රම්ප් ට ලිපියක්..!

0
915
- Advertisement -

කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා ගත යුතු පූර්ව කි‍්‍රයාමාර්ග නොගත් බවට චෝදනා කරමින්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්, ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත සිය විරෝධය පළ කර තිබුණි.

ඉන් නොනැවතී, ලෝක සෞඛ්‍ය සංවිධානය සදහා මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දීම අත්හිටුවීමටද ඇමරිකාව තීරණය කළේ ය. ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්ෂිකව වැඩිම ප‍්‍රතිපාදන ප‍්‍රමාණයක් ලබා දෙන්නේ ඇමරිකාවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාව වැනි රටවල සෞඛ්‍ය සේවය දියුණු කිරීම සදහා ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරන බව පවසන ශ‍්‍රී ලංකාවේ හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, ඇමරිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානයට මූල්‍ය ප‍්‍රතිපාදන ලබා නොදීමට ගත් තීරණය සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙසයි.

මෙම ඉල්ලීම ඇතුළත් ලිපිය, හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇමරිකානු ජනාධිපතිවරයාට යොමු කර තිබේ. සම්පූර්ණ ලිපිය පහතිල් පළ වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − eleven =