හිජාස් හිස්බුල්ලාගේ පෙත්සම සලකා බැලීමෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඉවත් වෙයි.

0
225
- Advertisement -
Share
8 / 100

හිජාස් හිස්බුල්ලාගේ පෙත්සම සලකා බැලීමෙන්
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඉවත් වෙයි.


පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවාගෙන සිටින, නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා හමු වූ උපදෙස් ලබා ගැනීම සදහා ඔහුගේ නීතීඥයන්ට අවසර ලබා දෙන්නැයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකට නියෝග කරන ලෙස ඉල්ලමින්, හිජාස් හිස්බුල්ලා මහතාගේ නීතීඥයන් විසින් ගොනු කර තිබෙන පෙත්සම පිළිබද විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති අර්ජුන් ඔබේසේකර මහතා ඉවත්ව තිබේ.

අද පෙරවරුවේ අදාල පෙත්සම සලකා බැලීම සදහා කැදවූ අවස්ථාවේ දී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා මෙසේ ඉවත්ව තිබේ.

පෞද්ගලික හේතුවක් මත තමන් මෙසේ ඉවත්වන බව සභාපතිවිනිසුරුවයා පවසා තිබේ.
සැප්තැම්බර් මාසයෙන් පසුව, මෙතෙක්, ඔහුගේ නීතීඥයන්ට හිජාස් හිස්බුල්ලා මහතා හමුවීමේ අවස්ථාව ලබා දී නැත.

පෙත්සම, එළැඹෙන 14 වන දා කැදවීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 − 12 =