“හිජාස්ට එරෙහිව බොරු සාක්ෂි කීමට බලකරනවා..!” අත්අඩංගුවේ සිටින මවුලවිවරු දෙදෙනා අධිකරණයට දැනුම් දෙයි.

0
221
- Advertisement -

“හිජාස්ට එරෙහිව බොරු සාක්ෂි කීමට
බලකරනවා..!” අත්අඩංගුවේ සිටින මවුලවිවරු දෙදෙනා අධිකරණයට දැනුම් දෙයි.


ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රදවා සිටින මවුලවිවරුන් දෙදෙනෙක්, හිජාස් හිස්බුල්ලා පිළිබදව බොරු සාක්ෂි ඉදිරිපත් කරන ලෙසට ඔවුන් දෙදෙනාට බලපෑම් එල්ල වෙමින් තිබෙන බව අධිකරණයට දැනුම් දී තිබේ.

අදාල මවුලවිවරුන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටින නීතීඥ එරික් බාලසූරිය විසින් මේ බව සදහන් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණයට ගොනු කර තිබේ.

අදාල මවුලවිවරු දෙදෙනා, කිසි දිනෙක හිජාස් හිස්බුල්ලා මුණ ගැසී නැති බව ද එම පෙත්සමේ සදහන් වන බව පැවසේ.

පසුගිය සදුදා දිනයේ දී මවුලවිවරුන් දෙදෙනා ප‍්‍රථමවරට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මහේස්ත‍්‍රාත් වරයා ඉදිරියේ ඔවුන් දෙදෙනාට විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට අවශ්‍ය බව දන්වා තිබේ.

ඉන් පසුව නඩුව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට මාරු කර ඇති අතර, මවුලවිවරුන් දෙදෙනා වෙනුවෙන්, ජනාධිපති නීතීඥ සුමන්දිරන් විසින්, මහේස්ත‍්‍රාත්වරයා ඉදිරියේ ඔවුන්ට ප‍්‍රකාශයක් ලබා දීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා අයදුම්පතක් ගොනු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty + 14 =