හැකි ඉක්මනින් ඉරාකයෙන් පිටවෙන්න..! ඇමරිකාව තමන්ගේ පුරවැසියන්ට කියයි.

0
960
- Advertisement -

ඇමරිකානු හමුදා මගින්, ඉරාන හමුදා ප‍්‍රධානී කුසෙම් සොලෙයිමානී Qassem Soleimani ඝාතනය කිරීමත් සමග ඇතිව ඇති තත්ත්වය තුළ, ඉරාකය තුළ වාසය කිරීම අනාරක්ෂිත බවත්, හැකි ඉක්මනින් ඉරාකයෙන් ඉවත් වන ලෙසත්, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඇමරිකානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.

ඉරාන හමුදා ප‍්‍රධානී කුසෙම් සොලෙයිමානී, ඉරාකයේ බැග්ඩෑඞ් ගුවන් තොටුපළ බලා යන ගමනේදී ඇමරිකානු ගුවන් ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් විය.

සෑම රාජ්‍යයකම ඇති ඉරාන තානාපති කාර්යාලවල තිබෙන ඉරාන ජාතික කොඩි අඩ කුඹු කරන ලෙස ඉරාන රජය ඉල්ලා ඇති අතර, දින තුනක ශෝක කාලයක්ද ප‍්‍රකාශයට පත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − thirteen =