වෛද්‍ය ප්‍රතිකාර සඳහා දින කිහිපයකට පෙර තමන් සිංගප්පූරුව බලා පැමිණි බව නිශ්ශංක සේනාධිපති මහතා පවසයි. ඒ අතර තුරේ, තමන්ව අත් අඩංගුවට ගන්නා ලෙසට නියෝගයක් නිකුත් කර ඇති බව දැනගත් බවත්, ප්‍රතිකාර අවසන් වූ වහාම ලංකාවට පැමිණ අධිකරණයට භාර වන බවත් ඒ මහතා පවසයි. තමන් ශ්‍රී ලංකාවෙන් පිට වූ යේ අධිකරණයේ අවසරය මත බවද ඔහු සඳහන් කරයි. ෆේස් බුක් පිටුවේ පණිවිඩයක් තබමින් නිශ්ශංක සේනාධිපති ඉහත කරුණු දක්වා තිබුණි.
“හැකි ඉක්මනින් අධිකරණයට භාර වෙනවා.” නිශ්ශංක සේනාධිපති; සිංගප්පූරුවේ සිට කියයි.
0
793