හාම්පුතාගේ දරුණු වධ බන්ධනයට ලක්ව
කුවේටයේ සිටි ශ්රී ලාංකික ගෘහ සේවිකාව මිය යයි.
කුවේටයේ ගෘහ සේවිකාවක ලෙස සේවය කරමින් සිටි ශ්රී ලාංකික කාන්තාවක්, ඇය වැඩ කළ නිවසේ හිමිකරුවන්ගේ වධ බන්ධනයට ලක් ව මියගොස් ඇති බව වාර්තා වේ.
වධබන්ධනයට ලක්ව ඇති බවට සාක්ෂි සහිත කැපුම් සහ පිළිස්සුම් තුවාල සහිතව, එම නිවසේ හිමිකරුවන් විසින් මෙම කාන්තාව රෝහල්ගත කර ඇති අතර, දැඩි සත්කාර ඒකකයේ දී ඇය මියගොස් තිබේ.
මිය ගිය ශ්රී ලාංකික කාන්තාව 46 හැවිරිදි වියේ පසුවන්නියකි.
ගෘහ සේවිකාවගේ මරණය සම්බන්ධයෙන් කුවේට් පොලිසිය පරීක්ෂණ අරඹා ඇති බව වාර්තා වේ.