දකුණු අප්‍රිකාවෙන් බිහි වූ විශිෂ්ඨ පිතිකරුවෙකු වූ හෂීම් අම්ලා, ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.
ටෙස්ට් ඉනිම 124 කට ක්‍රීඩා කර ඇති හෂීම් අම්ලා, ටෙස්ට් ලකුණු 9,282 ක් ලබා ගෙන තිබේ. එය දකුණු අපි‍්‍රකානු ක්‍රීඩකයෙකු ලබාගෙන තිබෙන වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවයි. ඔහුගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍ය ලකුණු සංඛ්‍යාව 46.64 කි. එක්දින තරඟ 178 කට කී‍්‍රඩා කර ඇති හෂීම් අම්ලා පසුගිය ලෝක කුසලාන තරගාවලියේ දී එක්දින ලකුණු 8000 සීමාව ඉක්මවා ගියේ ය.
විස්සයි විස්ස තරග 44 කට සහභාගී වී ඇති හෂීම් අම්ලා, ලකුණු 1277 ක් ලබාගෙන තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තද, අයි.පී.එල් තරග සදහා ඔහු දිගටම ඉදිරිපත්වන බවටයි වාර්තා වන්නේ.