හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නෑ, ජනපති අවධාරණය කරයි

0
58
- Advertisement -

ආණ්ඩුව විසින් අනුගමනය කරන හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ ප‍්‍රතිපත්තයේ කිසිදු වෙනසක් කරන්නට තමුන්ගේ අදහසක් නැති බව ජනාධිපතිවරයා විසින් අවධාරණය කර තිබේ.

ඒ නිසා හරිත කෘෂිකාර්මික ප‍්‍රතිපත්තිය තුළ සිටිමින් ගොවීන්ගේ ගැටළු සඳහා නිලධාරින් විසඳුම් සෙවීම කළ යුතු වෙයි. ආණ්ඩුවේ මෙම ප‍්‍රතිපත්තියට අකමැති නිලධාරීන්ට ඉන් ඉවත්ව යාමට කිසිදු ගැටළුවක් නැත. මේ බැව් ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කළේ ඊයේ (22) මහකන්නයේ වගා කටයුතු සඳහා කාබනික පොහොර සැපයුම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති උත්සවයක් අමතමිනි.

අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ, ආණ්ඩුකාරවරුන් වන මර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක, අනුරාධා යයම්පත්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර,ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, යන මහත්ම මහත්මීන්ට අමතරව කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරින්ද ඊට අයත් රේඛිය ආයතන වල නිලධාරින්ද මෙම උත්සවයට පැමිණ සිටියහ.

මෙහිදි ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ කාබනික පොහොර බෙදාහැරීම, සහනාධාර ලබාදීම, කාබනික පොහොර ගොවිතැන වෙනුවෙන් පමණක් සිදු කරන බවයි. කාබනික ගොවිතැනේ ඇති වැදගත්කම පිළිබඳව ගොවියා දැනුවත් කළ යුතුය.

ගොවියන් උද්ඝෝෂණය කරන්නේ ඔවුන් ඒ පිලිබඳව හරියාකාරව නැතුවත් නැති හෙයිනි.

එබැවින් රසායනික පොහොර මාෆියාව පිළිබඳව ගොවීන්ට නිසියාකාර අවබෝධයක් ලබාදීම අත්‍යවශ්‍ය කරුණකි. එබැවින් නිවැරදි දේ ජයග‍්‍රහණය කරවීමට නිලධාරින් කටයුතු කිරීම අතිශයින් වැදගත් වෙයි.

මේ වනවිට පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් නිසාද, කාබනික පොහොර නිසියාකාරව ලබාදීමට නොහැකි වීම නිසා ඇති වූ ගැටළු සහගත තත්ත්වයන්ද මහ කන්නය වෙනුවෙන් බලපෑම් කර ඇත. එහෙත් නිලධාරින් විසින් පෙන්වා දුන්නේ දිස්ති‍්‍රක් මටට්මෙන් සමස්ත බිම් ප‍්‍රමාණයෙන් 70%ක්ම මේ වනවිට වගා කටයුතු ආරම්භ කර ඇති බවයි.

අවසානයේදී ජනාධිපතිවරයා අවධාරණය කළේ හිතට එකඟව පැහැදිලිව වැඩ කරන කණ්ඩායමක සහයෝගය මෙම වැඩපිලිවෙලට අත්‍යවශ්‍ය බවයි. එබැවින් දිරිමත්ව, නිවැරදිව මෙම තත්ත්වය කළමනාකරණය කරගැනීම සියලූ දෙනාගේ වගකීමක් බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve − 4 =