හමුදා ජුන්ටාව ලන්ඩනයේ මියන්මාර තානාපති ඉවත් කරයි.
මියන්මාර හමුදා ජුන්ටාව විසින් ලන්ඩනයේ සිටින මියන්මාර තානාපතිවරයා ඉවත් කර ඇති බව වාර්තා වේ.
තානාපතිවරයාට හෝ – තානාපති කාර්යාලයේ අනෙකුත් සේවකයන්ට ලන්ඩනයේ පිහිටි මියන්මාර තානාපති කාර්යාලයට ඇතුළු වීම තහනම් කර තිබේ.
මියන්මාර හමුදා එරට බලය අත්කර ගැනීමෙන් පසුව ලන්ඩනයේ සිටින මියන්මාර තානාපතිවරයා අවුන්සාන් සූකීගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතාකර තිබුණි.
අදාල තානාපතිවරයා තව දුරටත් මියන්මාරය නියෝජනය නොකරන බව පවසමින් මියන්මාර හමුදා ජුන්ටාව ඔහු එම තනතුරෙන් පහ කර තිබේ.