හමුදාව කෝවිඩ් රෝගීන්ව අපරාධකාරයන් කරයි. රාවය පුවත්පත වාර්තා කරයි.

0
290
- Advertisement -
Share
4 / 100

හමුදාව කෝවිඩ් රෝගීන්ව අපරාධකාරයන් කරයි.
රාවය පුවත්පත වාර්තා කරයි.

ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල නිවැසියන් කෝවිඞ් ආසාදිතයන් වුවද නොවූවද යුද හමුදාවෙන් පැමිණ අපරාධකාරයන් සේ බලහත්කාරයෙන් රැගෙන යන බව තමන්ට දැන ගන්නට ලැබුණු බව රාවය පුවත්පත වාර්තා කර තිබේ.

කෝවිඩ් දෙවන රැල්ල ආණ්ඩුවේ වරදින් සිදුවූවක් සේම, එය දරුණු ලෙස ව්‍යාප්ත වීම වැළැක්වීමට හමුදාව අනුගමනය කරනුයේ වර්ග කිරීමකින් තොරව ජනතාව නිරෝධායනයට රැගෙන යාම බව රාවය කියයි.

කිසිදු දැනුම්දීමකින් තොරව, කටුනායක ප්‍රදේශයේ ඇගලුම් කම්හල් සේවිකාවන්ගේ නේවාසිකාගාර වෙත පැමිණ, පලා නොයන ලෙස අණකර බස් රථවලට නංවාගෙන ගොස් ඇති අතර, මේ නිසා සෞඛ්‍ය අංශයද අපහසුතාවයට පත්ව ඇති බව පවසන පුවත්පත, මෙසේ බලහත්කාරයෙන් රැගෙන යන පිරිස් කළුතර ප්‍රදේශයේ ගොඩනැගිල්ලක රදවා ඇතැයිද, එම ගොඩනැගිල්ල, නිරෝධායන කටයුත්ත සදහා කිසිසේත්ම නුසුදුසු එකක් බවද වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten − 6 =