“හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව පනවා ඇති සංචාරක තහනම ඇමරිකාව ඉවත්කරනවා ද..?” මාධ්‍යවේදිනිය පොම්පියෝගෙන් අසයි.

0
1063
- Advertisement -

“හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව පනවා ඇති
සංචාරක තහනම ඇමරිකාව ඉවත්කරනවා ද..?”
මාධ්‍යවේදිනිය පොම්පියෝගෙන් අසයි.

යුද අපරාධ චෝදනා එල්ලකරමින්, ශ‍්‍රී ලංකාවේ වත්මන් හමුදාපති, ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ඇමරිකාව පනවා ඇති සංචාරක තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් යළි සලකා බැලීමට ඔබ සූදානම් දැයි, ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ගෙන් ශ‍්‍රී ලංකාවේ මාධ්‍යවේදිනිය අසා සිටියා ය. එවැනි ඉල්ලීමක් ශ‍්‍රී ලංකා රජය පාර්ශ්වයෙන් මේ වන විට ඉදිරිපත්ව ඇද්ද කියාත් ඈ වැඩිදුරටත් විමසා සිටියා ය.

අදාල කාරණය, එක්සත් ජනපදයේ නීතිමය කි‍්‍රයාවලියක් බවත්, සෑම විටකම එය සමාලෝචනය කෙරෙන බවත් රාජ්‍ය ලේකම්වරයා පවසා සිටියේ ය. එවැනි කරුණු, සත්‍යවශයෙන් ම නිවැරදිද යන්න තහවුරු කරගත යුතුව ඇති බවද ඔහු පැවසූවේ ය.
ඊට වඩා වැඩියමක් සිය පිළිතුරට එක් නොකිරීමට රාජ්‍ය ලේකම්වරයා පරිස්සම් විය.

එක්සත් ජනපදය විසින්, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව සංචාරක තහනමක් පනවා තිබුණේ, 2020 පෙබරවාරි මාසයේ දී ය.

සිවිල් යුද්ධයේ දී, අනීතික ලෙස සිදු පුද්ගල ඝාතන සිදුකර ඇති බවට චෝදනා කරමින්, එක්සත් ජනපදය එම තහනම පැනවී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine − 1 =