හදුනා නොගත් පොකුරු සමාජය තුළ තිබිය හැකියි. දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 15,000 ක්වත් කළ යුතුයි.
හදුනා නොගත් කෝවිඞ් පොකුරු සමාජය තුළ තිබිය හැකි බව, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය නවීන ද සොයිසා පවසයි. එවැනි, හදුනා නොගත් පොකුරු පවතීනම්, ඒවා හදුනා ගැනීම සදහා, රජය දිනකට කරන පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 10,000 ක් දක්වා ඉහළ දැමිය යුතු බවද ඔහු යෝජනා කරයි.
ඊට අමතරව, පෞද්ගලික අංශය තවත් පී.සී.ආර් පරීක්ෂණ 5,000 ක් පමණ දිනකට සිදු කරන්නේ නම්, දෙපාර්ශ්වයෙන් ම දිනකට ආවරණය වන පීසීආර් සංඛ්‍යාව 15,000 ක් පමණ වේ. රට තුළ පවතින තත්ත්වය මත, එවැනි සංඛ්‍යාවක් පි.සී.ආර් පරීක්ෂණ සිදු කිරීම අවශ්‍ය බව වෛද්‍ය නවීන් ද සොයිසා පවසයි.
මීට අමතරව, පී.සී.ආර් පරීක්ෂණ වාර්තා පැය විසිහතරක් තුළ ලබා ගැනීමේ වැදගත්කමද වෛද්‍යවරයා පවසයි. ඇතැම් අවස්ථාවන් හී දී, පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා නිකුත් වීමට දින හතරක් පමණ ගතවන බව වාර්තා වේ.