හදිස්සියේම බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමිය බත්තරමුල්ලේ නිරික්ෂණ චාරිකාවක

0
964
- Advertisement -

බස්නාහිර පළාත්  ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ   අද  (29) බත්තරමුල්ල නගර අවට හදිස්සි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එහිදි ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ මේ වන විට කිසිදු නඩත්තුවක් නොමැතිව විනාශ වෙමින් පවතින මීට පෙර උද්‍යානයක් ලෙස භාවිතා කළ භූමිය නිරීක්ෂණය කල ආණ්ඩුකාර තුමිය හැකි ඉක්මනින් එම ස්ථානය විධිමත් වැඩපිළිවෙළක් යටතේ දියත උද්‍යානය ට සමාන වන පරිදි සකස් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස අවශ්‍ය කණ්ඩායම් වෙත උපදෙස් ලබා දුන් අතර එම කටයුතු ඉදිරි සති කිහිපය තුළ සිදු විය යුතු බව සහ ආණ්ඩුකාරතුමිය ඒ පිළිබදව අවදානය යොමු කරන බවද අවධාරණය කළාය.

තවද  අකුරේගොඩ අරුප්පිටිය ජලාශය අවට නිරික්ෂණය  කල  ආණ්ඩුකාරතුමිය එම ස්ථානයේ පිරිසිදු කිරිම් කටයුතු විධිමත් කිරිමටත් ඒ අවට භූමිය ක්‍රමවත් ආකාරයෙන් ගොඩනඟා ජනතාවට නිදහසේ ගැවසීමට හැකි ස්ථානයක් බවට පත් කිරිමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස කඩුවෙල මහ නගරසභාවේ නගරාධිපතිතුමාට උපදෙස් ලබාදුනි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − 7 =