හත් හැවිරිදි පිරිමි දරුවෙකු දරුණු ලෙස අපයෝජනය කර මරා දමයි.

0
1213
- Advertisement -

හත් හැවිරිදි පිරිමි දරුවෙකු
දරුණු ලෙස අපයෝජනය කර මරා දමයි.


දරුණු ලෙස අපයෝජනයට ලක් කර මරා දැමූ හත් හැවිරිදි පිරිමි දරුවෙකුගේ මළසිරුරක් අද දිනයේ දී, ගලේවෙල, පාත්කොළගොල්ල, ඇලක් අසල තිබී හමු වී ඇති.

මරා දමා ඇති දරුවා දෙමව්පිය රැකවරණය නැති දරුවෙකු බවත්, ඔහු, ඥාතීන් සමග ජීවත් ව ඇති බවත් වාර්තා වේ.

ඊයේ දිනයේ සිට මෙම දරුවා අතුරුදන්ව සිට ඇති අතර, ඥාතීන් ඒ බව පොලිසියටද දැනුම් දී තිබේ.

දරුවාගේ මෘත දේහය හමු වූ අවස්තාවේ, ඔහුගේ ගෙල රෙදිකඩක් වැනි යමකින් තදින් සිරකර ඇති බව පෙනෙන්නට තිබුණු බව පැවසේ.

අපරාධය සිද්ධ වී ඇති ස්ථානයේ, කිසියම් පුද්ගලයෙකු හෙරොයින් පානය කර තිබෙන බවටද සාක්ෂි හමු වී තිබේ.

මෙම අපරාධය හෙරොයින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවෙකු විසින් කරන්නට ඇති බවට සැක කරයි.