හකීම් සහ බදියුදීන් නෙරපන්න.
මන්ත්රීවරු රැසක් සජිත්ගෙන් ඉල්ලති.
විසිවන සංශෝධනයට පක්ෂව, ආණ්ඩුව සමග එක්ව ඡන්දය භාවිතා කළ සමගි ජන බලවේගයට සම්බන්ධ මන්ත්රීවරු පක්ෂයෙන් ඉවත් කරන ලෙස – එම පක්ෂයේ මන්ත්රීවරු රැසක් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා සිටිති.
සමගි ජන සමගි ජන බලවේගය සමග සම්බන්ධ වී සිටින, මුස්ලිම් කොන්ග්රසයේ සහ රිෂාද් බදියුදීන් ගේ පක්ෂයට සම්බන්ධ මන්ත්රී වරු කිහිප දෙනෙකු විස්සට පක්ෂව ඡන්දය දී තිබුණි.
එම සාමාජිකයන් ඔවුන්ගේ පක්ෂවලින් ඉවත්කරන ලෙස මන්ත්රීවරු රැසක් රාවුෆ් හකීම් සහ රිෂාද් බදියුදීන්ගෙන් ඉල්ලා සිටින අතර, ඔවුන් එම පක්ෂ වලින් ඉවත් කිරීමට අපොහොසත් වන්නේ නම්, එම නායකයන් දෙදෙනා, සමගි ජන බලවේගයෙන් ඉවත් කරන ලෙස ඔවුන් සමගි ජන බලවේගයේ නායකත්වයෙන් ඉල්ලා සිටිති.


