“සෞභාග්‍යයේ දැක්ම කැලේ. ගල්අඟුරු බලාගාරයක් චීනයට” – රාවය මුල්පුවත

0
606
- Advertisement -
Share

සෞභාග්‍යයේ දැක්ම කැලේ.
ගල්අඟුරු බලාගාරයක් චීනයට
රාවය මුල්පුවත

සෞභාග්‍යයේ දැක්ම පෙරටුකරගෙන රටේ සම්පත් විදේශවලට පවරා නොදෙන බව ජනාධිපතිවරණයට පෙර පැවසූ ගෝඨාභය රාජපකෂ, ජනපති වී මාස අටක් යන තැන එහි පළමු පියවර ලෙස පුත්තලම නොරොච්චෝලේ මෙගාවොට් 300 ක ගල්අඟුරු විදුලි බලාගාරයක් ඉදිකිරීමට චීනය සමග ගිවිසුම් ගැසීමට නියමිත ය.

චීන රජයේ යෝජනාවක් අනුව මෙය ඉදිකරන බව ඒ සදහා වන කැබිනට් මණ්ඩල යෝජනාවේ සදහන් වන අතර, එය ඉදිකිරීමට යෝජිතව ඇත්තේ චීනයේ චයිනා මැෂිනරි ඉංජිනියරින් කෝපරේෂන් සමාගම හා ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසිනි.

විදුලිබල මණ්ඩලයේ 2020 අප්‍රේල් 04 අධ්‍යක්ෂ මණ්ඩල වාර්තාව අනුව මේ සදහා පරිසර අධ්‍යයන වාර්තාව සැකසීමට කටයුතු කරමින් සිටී. මෙම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න, ගල්අඟුරු ව්‍යාපෘතිය වෙනුවෙන් ටී.ඒ. වික්‍රමාරච්චි සහ ඒ.ආර්.කේ වික්‍රමරත්න යන අය සහභාගී වී ඇති.

රොහාන් සෙනෙවිරත්න යනු ගෝඨාභය රාජපක්ෂගේ ළගම හිතෛෂියකු වන අතර, විදුලිබල මණ්ඩලයේ වත්මන් විදුලි ව්‍යාපෘති රැසකම සිටින්නේ ද ඔහු බව විදුලි මණ්ඩල සේවකයෝ කියති. උක්ත අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී චයිනා මැෂිනරි ඉංජිනිරයින් කෝපරේණෂන් හා විදුලිබල මණ්ඩලය අතර ගිවිසුම සකස් කිරීමට ජනාධිපති නීතීඥ චානක ද සිල්වා තෝරාගෙන ඇති අතර, එකී ගිවිසුම සකස් කිරීම සදහා ඔහුට ගෙවීමට අනුමත මුදල් රුපියල් මිලියන 17.65 කි.

මේ සා මුදලක් ගෙවීමට ඔහුගේ සුදුසුකම ලෙස සදහන්ව ඇත්තේ ඇඹිලිපිටිය එස්.පවර්, මාතර ඒස්.පවර්, හොරණ ඒස් පවර්, හෙල දනවි නැවි විදුලි මිලදී ගැනීම් ව්‍යාපෘතිවලට අදාල ගිවිසුම් සකස් කළ නීතීඥවරයා වීමය.

පසුගිය ආණ්ඩු සමයේ අත්සන් කළ මෙම ගිවිසුම් සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ සේවකයන් මෙන්ම රටේ ජනතාව අතරද පැවතුණේ යහපත් ආකල්පයක් නොවන අතර, ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාශයේ ද ඒ සම්බන්ධයෙන් ඇතුළත්ව තිබුණි.

“පවතින රජය විසින් අධික මිලට විදුලි මිලදී ගැනීම සදහා අත්සන් තබා ඇති ගිවිසුම් අහෝසි කර එහි වාසිය පාරිභෝගිකයාට ලබාදෙමින් විදුලිබිලට සහනයක් ලබා දෙන අතර, ජල බිල පහළ දැමීමටද කටයුතු කරේ. – සෞභාග්‍යයේ දැක්ම”

මෙකී පොරොන්දුවලට ඉදුරාම පටහැනිව යමින් එකී ගිවිසුම් සැකසීමට දායක වූ නීතීඥවරයාම අධික මිලක් ගෙවා මෙම ගිවිසුම සැකසීමට දායක කර ගැනීම පිටුපනස සැගවුණ රහසක් ඇති බව විදුලි සේවකයෝ කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three + 17 =