“සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනිය
ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගේට්ටුවේ වැඩ.” විජිත හේරත් කියයි.
උපාධිධාරීන්ට රැුකියා ලබා දීමේ වැඩසටහන යටතේ බදවාගත් උපාධිධාරීන් අතරින් එක් උපාධිධාරිනියක් මේ වන විට ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගේට්ටුවේ රැුකියාව කරන බව, ජාතික ජන බලවේගයේ විජිත හේරත් මහතා පවසයි.
ඊට අමරතව, බදවාගනු ලැබූ උපාධි ධාරීන්ට අවුරුද්දක් යන තුරු ගෙවනු ලබන්නේ රුපියල් විසි දහසක් බව පවසන මන්ත්‍රීවරයා, රජය විසින් බදවාගනු ලැබූ අපොස සාමානා්‍ය පෙළ අසමත් අය සදහා රුපියල් විසි දෙදහස් පන්සියක මුදලක් ගෙවන බවද පවසයි.
අයවැය කාරක සභා අවස්තා විවාදයට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ ය.