සෞඛ්‍ය සේවකයන්ගේ සාධාරණ ඉල්ලීම් ලබා නොදේනම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදු වේවි..! රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අනතුරු හගවයි.

0
679
- Advertisement -
Share

සෞඛ්‍ය සේවකයන්ගේ සාධාරණ ඉල්ලීම් ලබා නොදේනම්
දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදු වේවි..!
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අනතුරු හගවයි.

සෞඛ්‍ය සේවා කාර්යමණ්ඩවලට ලැබිය යුතු ඇතැම් දීමනා මෙතෙක් ඔවුන්ට ලබා දී නැතිබවත්, ඊට එරෙහිව විරෝධය පළ කිරීමට කටයුතු කර ඇති බවත්, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

වෛද්‍යවරුන්ගේ මාසික පඩිපතටම එකතු කර ලබා දෙන, අතිරේක වැඩ සදහා දීමනාව, මෙතෙක් ලබා දී නැති බවත්, ඊට විරෝධය පළ කිරීමක් ලෙසත් කළු පටියක් පැළදීමට තීරණය කර ඇති බවත්, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන්ද සොයිසා පවසයි.

සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල මුහුන දී සිටින මේ ආකාරයේ ගැටළු විසදීමට රජය තවදුරටත් උනන්දුවක් නොදක්වන්නේනම්, මින් එහා ගිය වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තම සංගමය එළැඹෙන 20 වන දා රැස්වන බවත්, වෛද්‍ය නවීන්ද සොයිසා පවසයි.

ද මෝර්නිං පුවත්පත ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × five =