සෞඛ්‍ය වෘත්තීය සමිති 15ක් අද හා හෙට වැඩ වර්ජනයේ

0
54
- Advertisement -

ඉල්ලීම් 7ක් මුල් කරගෙන සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයට අදාළ වෘත්තීය සමිති 15 අද හා හෙට (24 හා 25) දෙදිනක සංකෙත වැඩ වර්ජනයක නිරත වෙයි. මේ අනුව 5000කට අධික වෘත්තීයවේදීන් පිිරිසක් අදාළ වෘත්තීය කි‍්‍රයාමාර්ගයට අවතීර්ණ වෙති.

රනුක් කමිටු වාර්තා නිර්දේශ කි‍්‍රයාත්මක නොවීම, හෙද පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය උපාධිධාරීන්ගේ වැටුප් විෂමතාව ඉවත් නොකිරීම, විශේෂ රාජකාරී දීමනාව රුපියල් දස දහස දක්වා ඉහළ නොදැමීම, ආදී කරුණු මුල් කරගෙන මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගයට අවතීර්ණ වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා මාධ්‍යයට පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් මීට පෙර කිහිප අවස්ථාවකදීම සෞඛ්‍ය සේවක අංශ විසින් විවිධාකාර ලෙස අදාළ අංශ වෙත දැනුම් දී තිබුනද ඒ පිළිබඳ කිසිදු සාධනීය පිළිතුරක් ලැබී නැත.

එබැවින් මෙම දෙදින සංකේත වැඩ වර්ජනයෙන් අදහස් කෙරෙන්නේ ඒ පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු කිරීමයි.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුය දක්වන අත්තනෝමතික හැසිරීමට විරෝධය පානු වස් පසුගිය 17 වැනිදා දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමටද සෞඛ්‍ය අංශයේ වෘත්තීයවේදීන් විසින් කටයුතු කළහ.

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ මෙම උද්ඝෝෂණයටද ආණ්ඩුව ප්‍රමාණවත් ප‍්‍රතිචාරයක් දැක්වූයේ නැත.

මෙම සංකේත වැඩ වර්ජනයෙන් ආණ්ඩුවේ නිහැඬියාව බිඳින්නට සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය අපේක්ෂා කරන අතර, එයටද ආණ්ඩුව අලස, ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම් ඒ සඳහා මීට වඩා තදින් කි‍්‍රයාත්මක වන ක්‍රමවේදයක් අනුගමනය කරන්නට අදහස් කරයි.

කෙසේ වෙතත් මෙම වැඩ වර්ජනය ළමා රෝහල්, පිළිකා රෝහල් හා මාතෘ රෝහල්වල කි‍්‍රයාත්මක නොකිරීමට අදාළ වෘත්තිය සමිති සම්මේලනය කි‍්‍රයා කර තිබේ. එසේම මානුෂික හේතු සැලකිල්ලට ගනිමින් අත්‍යවශ්‍ය සේවාවන්ද සිදු කරන බව සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සම්මේලනය මාධ්‍යයට ප‍්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 3 =