“සෞඛ්‍ය ඇමති විදිහට රාජිතට හොද කොන්දක් තිබුණා..!” ආණ්ඩු පක්ෂ මන්ත්‍රී විජේදාස රාජපක්ෂ කියයි.

0
731
- Advertisement -

“සෞඛ්‍ය ඇමති විදිහට
රාජිතට හොද කොන්දක් තිබුණා..!”
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී විජේදාස රාජපක්ෂ කියයි.


පිළිකාකාරක අඩංගු පොල්තෙල් සම්බන්ධයෙන් ප්‍රමිති ආයතනය සහ රජය කටයුතු කරමින් සිටින ආකාරය විවේචනය කරමින්, ආණ්ඩුව නියෝජනය කරන ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා, හිටපු සෞඛ්‍ය අමාත්‍ය, රාජිත සේනාරත්න මහතා පැසසුමට ලක් කළේ ය.

යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්, මන්ත්‍රීවරයා පැවසූවේ, මිනිස් පරිභෝජනයට නුසුදුසු සැමන් ටින් තොගයක් ලංකාවට ගෙන ආ වෙලේ, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා, එම සැමන් ටින් තොගය ප්‍රතික්ෂේප කළ බවයි.

එවකට ප්‍රමිති ආයතනය නියෝජනය කරමින් පිරිස් පවසා ඇත්තේ, උපරිම වශයෙන් පණුවන් දෙදෙනෙකු පමණක් සැමන් ටින් එකක සිටින්නේ නම්, එම සැමන් පරිභෝජනය කිරීමේ ගැටළුවක් නැති බවයි.

නමුත් රාජිත සේනාරත්න මහතා, ලංකාවේ පාරිභෝගිකයන් වෙනුවෙන් පෙනී සිටිමින්, එක් පණුවෙක් හෝ සිටිනවා නම් එම සැමන් ලංකාවේ පාරිභෝගිකයන් ප්‍රතික්ෂේප කරන බව පවසා සැමන් තොගය නැවත අදාල රට වෙත යැවීමට කටයුතු කර තිබේ.

මෙම සිදුවීම්, අදාල සම්මුඛ සාකච්ඡාවේ දී සිහිපත් කරමින්, විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා,හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පැසසුමට ලක් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − 6 =