සෞඛ්‍ය ඇමතිනිය නෑසූ කන්ව සිටියි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හෙට ලෙඩ නිවාඩු දමති.

0
347
- Advertisement -
Share

සෞඛ්‍ය ඇමතිනිය නෑසූ කන්ව සිටියි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හෙට ලෙඩ නිවාඩු දමති.

කොරෝනා මර්දනය සදහා අවශ්‍ය නීතිමය බලතල ලබා දෙන ඉල්ලා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ඉදිරියට ගෙන යමින්, හෙට දිනයේ දී ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටීමට, ඔවුන් තීරණය කර සිටින බව වාර්තා වේ.

තම ඉල්ලීම්වලට සෞඛ්‍ය අමාත්‍යවරිය තවදුරටත් කන් නොදෙන්නේ නම්, එළැඹෙන සදුදා, එනම් 27 වනා ද, සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරියේ දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බවටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අගවා තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉල්ලා සිටින නීතිමය බලතල, ගැසට් පත්‍රයක් මගින් ලබා දීමේ අවශ්‍යතාවයක් නැති බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංවිධානය පවසන ආකාරයට, වසංගත තත්ත්වයකදී, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හිමි බලතල නිරෝදායන පනතේ දක්වා ඇති අතර, සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරල්වරයා විසින් නිකුත් කරන චක්‍රලේඛයක් හරහා එම බලතල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවරීමට පුළුවන.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අරඹා තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය සදහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ තවත් පාර්ශ්වවල සහාය මේ වන විට තමන්ට ලැබෙමින් තිබෙන බව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine − four =