සෞඛ්‍ය ඇමතිනිය කිව්ව තරම් ඉක්මනට එන්නතක් නෑ. කොරෝනා එන්නත එන්න, තවත් මාස හත අටක්වත් ගත වේවි…!
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදුන්වා දීමට නියමිත එන්නත බෙදා හැරීමේ කටයුතු, 2021 වසරේ මැද භාගය පමණ වන තුරු සිදු නොවනු ඇති බවට වාර්තා වේ.
අදාල එන්නත ඉල්ලූම් කළ ඇති රටවල් අතර ශ්‍රී ලංකාවද සිටියි. කෙසේ වෙතත්, එන්නත තවමත් පවතින්නේ පර්යේෂණ මට්ටමේ ය.
කොරෝනා වසංගතය සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්තු විවාදයේ දී, සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසූවේ, ඉක්මනින්ම එන්නතක් පැමිණීමට නියමිත බවයි. එන්නත ලබා දීම සදහා රට සූදානම් කර තබන්නැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය තමන්ට දැනුම් දුන් බවද ඇය එහිදී පවසා සිටියා ය.
එසේ වුවද, අදාල එන්නත, රටට ලැබීමට, 2021 වසරේ මැද භාගයේ දී පමණ වන තුරු බලා සිටීමට සිදු වේ යැයි, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය ප්‍රවර්ධන සහ සන්නිවේදන නිළධාරී සහනි චන්ද්‍රරත්න පවසා තිබේ.
සන්ඬේ ටයිම්ස් ඇසුරෙනි.