“සෞඛ්‍ය ඇමතිණිය පොරොන්දු කඩ කළා. සදුදා සිට කොරෝනා මර්දයෙන් ඉවත් වනවා.” මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

0
577
- Advertisement -
Share

සෞඛ්‍ය ඇමතිණිය පොරොන්දු කඩ කළා.
සදුදා සිට කොරෝනා මර්දයෙන් ඉවත් වනවා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

තම සංවිධානය, සෞඛ්‍ය අමාත්‍යවරිය මුන ගැසී කළ සාකච්ඡාවලදී පැමිණි එකඟතාවයන් අවස්ථා හයක දී ම, සෞඛ්‍ය අමාත්‍යවරිය බිද දමා ඇති බව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරයි.

මේ හේතුව නිසා, ලබන සදුදා දිනයේ සිට කොරෝනා මර්දන වැඩසටහනින් ඉවත් වන බව ද ඔවුන් පවසයි.

ඊට අමතරව, ඉදිරියේ දී මැතිවරණ රාජකාරියෙන් සහ ඩෙංගු මර්දන වැඩසටහනින් ද තමන් ඉවත් වන බවට ඔවුන් අනතුරු අගවා තිබේ.

සෞඛ්‍ය අංශ බලධාරීන් විසින් මැතිවරණය පැවැත්වීමට අදාලව සහ තවත් අංශ රැසක් ආවරණය වන පරිදි නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නීති ගත නොකිරීමත, නිරෝදායන පනතේ අනෙකුත් රෙගුලාසි නීතිගත කරන ලෙස කර ඇති ඉල්ලීම නොසලකා හැරීමත්, මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට හේතු වී ඇති බව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × three =